පොළොන්නරු යුගයේ පිළිමගෙවල්

    (පඨිමාඝර)
ශ්‍රී ලංකාවේ පිළිමගෙවල් නිර්මාණය ආරම්භය සිදුවූයේ බුදු පිළිම මෙරට   ව්‍යාප්තියත් සමගය.  එය ක්‍රි.ව.4වන සියවසෙන් පසුව ආරම්භ වන්නට ඇති බව අනුමාන  කළ  හැකිය. මෙරට දැකිය හැකියි පිළිමගෙවල් ප්‍රධාන වශයෙන් කොටස්  හතරකට බෙදිය හැකිය. එනම්, ගන්ධ කුටි ,ප්‍රාසාද, ගෙඩි ගෙවල් හා ලෙන් විහාර වශයෙනි. මෙහි ගන්ධකුටි වශයෙන් හඳුන්වන පිළිමගෙවල් බොහොමයක් අනුරාධපුර යුගයේදී හමුවන අතර ඒවා ඉතා සරල සැලසුමකට අනුව  නිමවන ලද පිළිමගෙවල් ලෙස සැලකේ. අනුරාධපුර යුගයේදී ක්‍රමයෙන් නව ගෘහ අංගයන් එක්වීමෙන්  විකාශනය වූ පිළිමගෙවල් අතුරින් ප්‍රසාද වර්ගයට අයත් පිළිම ගෙවල්ද තැන වෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මීට නිදසුන් වශයෙන් අනුරාධපුර යුගයේ ථූපාරාමයට දකුණින් පිහිටි ආයනාකාර පිළිමගෙය සැලකිය හැකිය.
තෙවැනි වර්ගයට අයත් ගෙඩිගේ නමින් හඳුන්වන පිළිම ගෙවල්ද  අනුරාධපුර යුගයෙන් හමුවී ඇති අතර ගෙඩිගේ වශයෙන් හඳුන්වනු ලබන්නේ මුළු ගොඩනැගිල්ලම ගඩොලින් හෝ කළු ගලින්  නිකුත් කොට තිබෙන බැවිනි. බුද්ධඝෝෂ හිමියන් සඳහන් කරන පරිදි ගිංජකාවසථ යන පාලි වචනයෙන් ද සඳහන් වන්නේ ගඩොලින් හෝ ගලින් පමණක් නිමවන ලද ගොඩනැගිල්ලකට බව පරණවිතාන මහතා පෙන්වා දී ඇත.

කෙසේ නමුදු අනුරාධපුරයේදී ආරම්භ වී ක්‍රමයෙන් විකාශය වූ ගෙඩිගේ වර්ගයට අයත් පිළිවල් බිහිවීම ආරම්භ වූයේ අනුරාධපුර යුගයේ අග භාගයේ දී බව පෙනී යයි. පොළොන්නරු යුගය වන මෙය උච්ච ස්ථානයකට පත්වී දියුණු තත්ත්වයට පත්වී   නවතාවයකින් යුක්ත පිළිමගෙවල් බිහිවීම කෙරෙහි බලපා ඇති බව දැකිය හැකිය. මේ ආකාරයට පොළොන්නරු යුගයෙන් හමුවන ‍හොඳ තත්වයේ පිළිමගෙවල් අතරින් ථූපාරාම පිළිමගෙය, ලංකාතිලක පිළිමගෙය සහ තිවංක පිළිම ගෙය දැකගත හැකිය. මේ අතරින් ද දැනට වහල සහිත කොටස දැකගත හැකි වන්නේ ථූපාරාම පිළිමගෙයි පමණි. තිවංක පිළිම ගෙය හා ලංකාතිලක පිළිමගෙයිහි වහල විනාශ වී ඇති ආකාරය දැකිය හැකිය.


 ථූපාරාම පිළිමගෙය

කවාකාර වහලා සහිතව පොළොන්නරු යුගයෙන් හමුවූන හොඳින් ආරක්ෂා වී ඇති පැරණි බෞද්ධ ගෘහ නිර්මාණයක් ලෙස මෙය වැදගත් වේ. “ථූපාරාම පිළිමගෙය“ ලෙස හැඳින්වෙන මෙහි පෞරාණික නාමයක් හඳුනාගත් නො නොහැකි අතර නිර්මාණකරුවා පිළිබඳවද නිශ්චිත අදහසක් ද නැත.
  එහෙත් පරාක්‍රමබාහු රජුගේ මහින්ද නම් ඇමතිවරයෙකු විසින් දළදා වහන්සේ තැන්පත් කිරීමට හෝ පළමුවෙනි විජයබාහු රජු විසින් ඉදිකරන්නට ඇතැයිද මතයක්ද පවතී.
මෙම පිළිම ගෙය තුළ දක්නට ලැබෙන විශේෂත්වයක් ලෙස සදහන් කර ඇති වන්නේ තිවංක පිළිම ගෙය තුළ හා ලංකාතිලක පිළිමගෙය තුළ දක්නට ලැබෙන බුදු පිළිම දෙකම හිටි පිළිම වන අතර ථූපාරාම පිළිමගෙය තුළ පමණක් හිඳි පිළිමයක් දක්නට ලැබීමත් ය. කෙසේ වෙතත් ථූපාරාම පිළිමගෙය තුළ දැකිය හැකි බුදු පිළිමය ගඩොලින් නිම කරවන ලද එකක් බැවින් වර්තමානයේ එය විනාශ වී ඇති ආකාරය දැකිය හැකිය. ථූපාරාම පිළිමගෙය තුළ දැකිය හැකි අනෙක් ශෛලමය පිළිම පශ්චාත් අනුරාධපුර යුගයට අයත් බව සැලකේ.
පිළිම ගෙයි බිත්ති හා වහලය නිර්මාණය කර ඇත්තේ ගඩොලින් හා දැව යොදා ගනිමිනි. එබැවින් මෙය ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලක් බව හඳුනාගනී. ප්‍රතිමා ගෘහය වටා ඇති   ගඩොලින් හුණුගලින් නිර්මිත රූකම් තුළ නිය දිගු කරගත් ඉදිරි පාද සහිත සිංහ රූප දැකිය හැකිය.   පොළොන්නරු ගෘහ නිර්මාණ තුළ සුලබව දැකිය හැකිය පිටත විමාන සහිත බිත්ති ථූපාරාම පිළිමගෙයි පිළිබඳ විමසීමේ දී පොදු වූ කාරණාවකි. මෙම ගොඩනැගිලි බිත්ති රූකම්වලින් අලංකාර කර ඇති අතර වාස්තු විද්‍යාත්මක වශයෙන් මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යන ලක්ෂණයක් දක්නට ඇත. මෙහි ප්‍රධාන දොරටුවට අමතරව උතුරු දෙසින් තවත් පැති දොරටුවක් ද දක්නට ලැබේ.




                                                       පොළොන්නරු ප්‍රතිමා ගෘහයන් ත්‍රිත්වය ම දැකිය හැකි පොදු ලක්ෂණයක් සේ සැලකෙන ප්‍රවේශ මණ්ඩප  මෙහි ද දැකගත හැකිය. තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ප්‍රවේශ ශාලාව දෙසින් ඇරඹෙන නැගෙනහිර දෙසට මුහුණලා පිහිටි ප්‍රධාන ප්‍රවිශ්ටයයි. එමෙන්ම ඉතා ඝනකමින් යුතු බිත්තියද මෙම පිළිමගෙයි දක්නට ලැබේ.  අඩි 07 ඝනකම්න් යුක්ත ව බිත්ති නිර්මාණයෙහි ප්‍රධාන පරමාර්ථය වන්නට ඇත්තේ  පියස්සෙහි බර දැරීමයි. බිත්ති වල මෙම අධික ඝනත්වය හේතුවෙන් පිළිමගෙය බාහිර පරිමාණයට සමානුපාතිකව අභ්‍යන්තර ඉඩ ප්‍රමාණය කුඩා වී ඇත.
ථූපාරාම පිළිමගෙය දිගින් හඩින් 84.6ක් ද, පළලින් ගර්භගෘහය අඩි 52.6 ක්ද, ප්‍රවේශ ශාලාව අඩි 38 ක්ද ‍වෙයි. අභ්‍යන්තර බිත්ති දෙක අතර කුටිවල ප්‍රමාණය අඩි 27.9 ක්ද වන අතර ප්‍රවේශ ශාලාවේ අභ්‍යන්තරය අඩි 21 සහ 14 යන පරිමාණයන්ගෙන් යුක්තය.

වැඩිදුර විස්තර



තිවංක පිළිමගෙය
 පොළොන්නරු යුගයේ ඉදි කළ විශිෂ්ට නිර්මාණයක් වන තිවංක පිළිමගෙයි මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලද්දක් ලෙස සැලකේ.“වේළුවනාරාමය“ “දෙමළ මහා සෑය“ යන නම් වලින්ද මෙය හඳුන්වා ඇති අතර මෙහි දැකගත හැකි තුන් තැනකින් නැමුණු සුවිසල් බුදු පිළිමය නිසා මෙය තිවංක පිළිමගේ යනුවෙන් හැඳින්වේ.
බිම් සැලැස්ම අනුව තිවංක පිළිමගෙය අනුරාධපුර යුගයේ පිළිමගෙවල් සඳහා වූ සම්මත සැලැස්මකට අනුව තනා ඇති බව පෙනී යයි. නමුදු මෙහි බාහිර සැලැස්ම තනා ඇත්තේ හින්දු ගෘහ නිර්මාණ ශෛලයට  අනුව  බව පැහැදිලිව දැකගත හැකිය.  එය පොළොන්නරු යුගයේ අනෙක් පිළිම ගෙවල් වල ආකෘතිය මෙන් වේ. පිළිම ගෙය තුළ ප්‍රවේශවන බැතිමතුන්   පළමුවෙනිව පිවිසෙන්නේ මණ්ඩපය කොටසටයි. එය පටු තීරයකින් යුක්ත කොටසක් වන අතර අනතුරුව   ප්‍රවේශ වන්නේ අන්තරාල නැමැති කොටසටය. ප්‍රවේශ මණ්ඩපයෙහි නුවර සහ ගම්පොළ යුගයට අයත් ජාතක කතා සිතුවම් කර ඇති අතර, පොළොන්නරු යුගයෙන් හමුවන ඉතා විශිෂ්ට සිතුවම් සේ සැලකෙන දේවාරාධනය සිතුවම අන්තරාලය කොටසෙහි දැකගත හැකියි. ඉතා විශාලව සාමාන්‍ය මිනිස් ශරීර   ප්‍රමාණයටම ඇඳ ඇති සිතුවම් අන්තරාලය හා ගර්භ ගෘහය කොටසේ දක්නට ලැබේ. බොදුන් සංකස්ස පුරයට වැඩීම සිතුවම මෙහි ගර්භ ගෘහය කොටසෙහි දැකගත  හැකිය.



පිළිමගෙයි  දිග අඩි 133 කි. පළල අඩි 67.5 කි. ඝන බිත්තියෙන් සමන්විත මෙය ථූපාරාම පිළිමගෙහි බිත්තිවලට සමානකම් දක්වයි. සමහර තැනක පළල අඩි 55ක් පමණ විය හැකි වන අතර වා කවුළු 8කි.  පිට පැත්තේ 6ක් ද ඇතුළත 2 ක්ද වශයෙනි.
පිළිම ගෙයින් පිටත  බිත්තිවල බදාමෙන් කළ විවිධ රූකම් දැකිය හැකි අතර ඒවා එකිනෙකට වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම සුවිශේෂී ලක්ෂණයකි. ප්‍රතිමා ගෘහයට ඇතුළුවන දොරටුවෙහි උස අඩි 40 තරම් උස් වූවකි. ඉහත සඳහන් කළ කැටයම් අතර සිංහ, වාමන, මානව, දේහ, බ්‍රහ්ම, නිඝණ්ඨ ආදී මූර්ති වලින්ද, විමාන තුළ දේව රූප ද දැකගත හැකිය. එමෙන්ම මෙහි පිටත බිත්තියේ වෙනත් කිසිදු ස්ථානයකයක දැකිය නොහැකි කාන්තා බහිරව රූද දැකගත හැකිය.
ථූපාරාම පිළිමගේ මෙන්ම මෙහිද බිත්තිවල ඇති ඝනනකම නිසා පිටතින් පෙනෙනා ඉඩ අභ්‍යන්තරයෙහි දක්නට නැත. මහල් කිහිපයකින් (තුනක්) යුක්තව නිම කරන ලද තිවංක පිළිම ගෙය තුළ දෙපස ඇති වේදිකාවල නැං වූ ගල් කණු ආධාරයෙන් ඉහළ මහල රැඳී තිබිණි.
මේ ආකාරයෙන් විමසා බලන විට තිවංක පිළිමගෙය අභ්‍යන්තර ගෘහ නිර්මාණ සැලැස්ම, බාහිර සැලැස්ම  මෙන්ම වහල ගොඩනැගීමේදී ද ඉන්දීය ද්‍රවිඩ කලා සම්ප්‍රදායන් බලපා ඇති ආකාරය දැකගත හැකිය

වැඩිදුර විස්තර










Comments